SLOCAT යනු ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව වන තොරතුරු හුවමාරු කරගන්නා වේදිකාවයි. මෙය ශ්‍රී ලංකාවේ භූමිය හා ඉඩම් පිලිබඳ වගකීම් දරන සියලු ආයතන සතු සහ එම ආයතන සියල්ල මගින් පවත්වාගෙන යන පොදු වේදිකාවකි. SLOCAT හි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව මෙම ආයතන සියල්ල විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම .... තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව ගෝලීය දැනුම සහ අත්දැකීම් සිංහල සහ දෙමළ භාෂා වලින් අදාළ නිලධාරීන්ට සහ ගොවීන්ට ලබා දීමටත් ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව වන නව ප්‍රවේශ, තාක්ෂණයන්  සහ ප්‍රතිපත්තීන් ඇතුළු තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයේ අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන සමග හුවමාරු කරගැනීමටත් සහය ලබා දෙයි.

SLOCAT මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම එක්රැස් කිරීමට, ලේඛනගත කිරීමට, තක්සේරු කිරීමට, හුවමාරු කරගැනීමට, බෙදා හැරීමට සහ භාවිතා කිරීමට උපකාර කරයි. තිරසාර භූමි කළමනාකරණයේත් ඒ පිළිබඳව වන දැනුම කළමනාකරණයේත් දැඩි කාලීන අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමින් ගෝලීය පාරිසරික පහසුකම මගින් මූල්‍යාධාර සපයන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් හුල්කාරී ආයතන සමග එක්ව  2019 දී SLOCAT දියත්කරන ලදී.

ශ්රී ලංකාවේ කාන්තාර කරණය/ භූමි හායනය පිලිබඳ ජාතික වාර්තාව 2002 මගින් පෙන්වා දෙන පරිදි මාධ්ය කඳුකරයේ භූමි හායනය බරපතල ගැටලුවක් බවට පත්ව ඇති අතර දැඩි බෑවුම, අදික වර්ෂා පතනය, නුසුදුසු භූමි පරිහරණ ක්රම වැනි හේතු නිසා පාංශු ඛාදනය බරපතල වී නායයාම් වලට මගපාදයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව පාංශු හායනයට බලපාන ප්රධානතම සාධකය කෘෂිකර්මාන්තයයි. මේවනවිට ලංකාවේ වගා බිම්වලින් 44%ක් පාංශු ඛාදනයට ලක්වී ඇත.

පාංශු හායනයද බරපතල ගැටලුවක් වී ඇති අතර දිවයිනේ මුළු භූමියෙන් 1/3ක් පාංශු හායනයට ලක්වී ඇත. මාධ්ය කඳුකරයේ සුලභව දක්නට ලැබෙන පාංශු හායනයේ ස්වභාවයන් දෙකක් වන්නේ පාංශු ඛාදනය සහ පසේ සරු බව හීන වීමයි. පාංශු ඛාදනය පිලිබඳ සංසන්ධනාත්මක අධ්යයනයන් මගින් පෙන්වන්නේ දිවයිනේ දිස්ත්රික්ක 25 න් මාධ්ය කඳුකරයේ මහනුවර, නුවර එලිය සහ බදුල්ල දිස්ත්රික්ක වල පාංශු ඛාදනය ඉතා බරපතල බවයි.

බරපතල ලෙස පාංශු ඛාදනය දක්නට ලැබෙන්නේ එළවලු, අර්තාපල් සහ දුන්කොල වැනි වානිජ්ය භෝග  වගාකරන බෑවුම් සහිත ඉඩම්වල, දුර්වල ලෙස කළමනාකරණය කරන තේ ඉඩම්වල  සහ හේන් වගාකරන ඉඩම්වලයි. මෙලෙස මධ්ය කඳුකරයේ භූමියේ සිදුවන බරපතල පාංශු හායනය එම කෘෂි-පාරිසරික පද්ධතියට ඒවා මගින් ලබාදෙන පාරිසරික සේවා නිසි පරිදි ලබාදීමට ඇති හැකියාව අඩුකරයි. එය එම ප්රදේශවල ජීවත්වන සහ මෙම පාරිසරික පද්ධති සේවා මත යැපෙන ජනතාවගේ ආර්ථික සහ ජීවනොපයන්ට අහිතකර ලෙස බලපායි. SLOCAT අරමුණ වන්නේ පාංශු හායනය වලකා තිරසාර භූමි කළමනාකරණ ක්රම ක්රියාවට නගමින් මෙම පාරිසරික සේවා අඛණ්ඩවත් තිරසාර ලෙසත් ලබාදීම තහවුරු කිරීමයි.

SLOCAT පාර්ශව කරුවෝ

  • මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්යාංශය
  • ඉඩම් අමාත්යාංශය
  • වැවිලිකර්මාන්ත අමාත්යාංශය
  • කෘෂිකර්ම අමාත්යාංශය
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව