ලෝක ජල දින සැමරුම - 2019

“ජාතියේ ජල උල්පත, මධ්‍ය කඳුකරය සුරකිමු”

මාර්තු  22 ලොව පුරා රටවල ලෝක ජල දිනය සමරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා  කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය  කිරීමේ ව්‍යාපෘතිය සහ හවුල්කාරී ආයතන සහ සංවිධාන සමග එක්ව 2019 ලෝක ජල දින  සමරු වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ පඹදෙනිය රණසිංහාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී. 

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 6 මගින් 2030 වනවිට සැමට පිරිසිදු ජලය සැපයීම ඉලක්ක කරයි. ඒ අනුව මෙවර ලෝක ජල දිනයේ තේමාව "කිසිවෙකු අත නොහැර" ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ බිලියන ගණනක් ජනතාව පිරිසිදු ජලය නොමැතිව පීඩා විදී. කාන්තාවන්, ළමයින්, සරණාගතයින්, ආදිවාසී ජනතාව, ආබාධිත පුද්ගලයින් වැනි කණ්ඩායම් සීමිත පිරිසිදු ජල සම්පත් ලබා ගැනීමේ දී අසාධාරණයට ලක්වේ. මෙවර තේමාව පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය අහිමි සියල්ලට ජලය සැපයීම පිලිබඳවය. 

ශ්‍රී ලංකාව ජල සම්පතින් හිග රටක් නොවුව ද දේශගුණික විපර්+යාස, ජනගහන වර්+ධනය සහ ජලය සපයන ගංගා ඇල දොළ දූෂණයට ලක්වීම වැනි හේතූන් නිසා සැමට පිරිසිදු ජලය සැපයීම බරපතල ගැටලුවක් බවට පත්වෙමින් පවතී. ලංකාවේ ඇති ප්‍රධාන ගංගා 103 න් අති බහුතරයක් ආරම්භ වන්නේ මධ්‍ය කඳුකරයෙනි. එබැවින් මධ්‍ය කඳුකරය යනු ජාතියේ ජල උල්පතයි. ඒ අනුව තිරසාර ලෙස සැමට පිරිසිදු ජලය සැපයීම සඳහා මධ්‍ය කඳුකරයේ  ජලය සහ පාංශු සම්පත් සුරැකීම අත්‍යාවශ්‍ය කරුණක් බැවින් මෙවර ජල දිනයේ තේමාව ලෙස “ජාතියේ ජල උල්පත, මධ්‍ය කඳුකරය සුරකිමු”  ලෙස යොදා ගන්නා ලදී.

ජල දින සමරුවට එක්වූ පාර්ශව කරුවෝ

ව්‍යාපෘතිය සමග ආයතන රාශියක් කටයුතු කරන අතර මෙවර ජල දින  උළෙල සංවිධානය කිරීමට ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්   සමග මෙම ආයතන සියල්ලම පාහේ ක්‍රියාකාරී දායකත්වයක් දක්වන ලදී.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්+මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්+තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතන මෙහි දී මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.    

ආරාධිත දේශන

ලෝක ජල දින සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.ජී.ජී.ටී. කරුණාරත්න මහතා සහභාගී විය. උත්සව සභාව අමතමින් කරුණාරත්න මහතා පැවසුවේ මධ්‍ය කඳුකරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා විශාල සංඛ්‍යාවක ආරම්භය සිදුවන ප්‍රදේශයක් බැවින් එය රටේ පාරිසරික, සමාජ හා ආර්ථික අතින් ඉතා වැදගත් භූමියක් බවයි. මධ්‍ය කඳුකරයේ භූමිය සීග්‍ර ලෙස හායනයට ලක්වන බැවින් මෙවර ජල දිනයේ තේමාව ඉතා කාලෝචිත බව ඔහු පැවසීය.

උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූ හිටපු ජනාධිපති අතිරේඛ ලේකම් රෝහණ කීර්+ති දිසානායක මහතා පැවසුවේ පිරිසිදු ජලය නොමැතිව ශ්‍රී ලංකාවේ ද විශාල ජනතාවක් පීඩා විඳින බවත් එය සමාජ හා ආර්+ථික ගැටළු රැසකට හේතු වන බවයි. ඇතැම් විට පිරිසිදු ජලය සොයා හැතැප්ම ගණනක් යාමට ජනතාවට සිදුවන බවත් කාන්තාවන් සහ ළමයින් මේ නිසා වඩාත් පීඩාවට පත්වන බවත් ඔහු පැවසීය.

"ශ්‍රී ලංකාවේ සමස්ත මධ්‍ය කඳුකරයම ජල පෝෂක ප්‍රදේශකි. ලංකාවේ ඉඩම් වලින්  90% ක්  කුමන හෝ ගංගා ද්‍රෝනියකට අයත්වන අතර මෙම උත්සවය පැවැත්වෙන පඹදෙනිය ප්‍රදේශය මහවැලි ගඟේ පෝෂක ප්‍රදේශයට අයත්වේ. නිවාස, මාර්+ග, කර්මාන්ත හා වගා බිම් වැනි සියලු සංවර්ධන කටයුතු සිදුවන්නේ මෙම අතිශය සංවේදී සහ වැදගත් පරිසර පද්ධතිය තුලයි. එබැවින් අපි මධ්‍ය කඳුකරයේ පාංශු ඛාදනය වැළැක්වීමට පියවර නොගතහොත් විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැක. මේ වනවිටත් මධ්‍ය කඳුකරයේ පාංශු ඛාදනය නිසා බරපතල ගැටළු නිර්ම+මානය  වී ඇත. ප්‍රධාන ජලාශවල රොන්මඩ තැන්පත්වීම නිසා ඒවායේ ධාරිතාවය අඩුවී ඇත. එබැවින් මධ්‍ය කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවල සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු මෙම පාරිසරික වැදගත්කම අවභෝධ  කරගනිමින් තිරසාර ලෙස සිදුකිරීම ඉතා වැදගත් වේ.” යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.