පස සංරක්ෂණ පනත

නව තත්වයන්ට ගැලපෙන ලෙස පස් සංරක්ෂණ පනත සංශෝධනය කෙරේ

ශ්‍රී ලංකාවේ පාංශු හායනය වැලැක්වීම සඳහා පවතින ප්‍රධානම නීති රාමුව වන 1951 අංක 25 දරන (1996 සංශෝධිත) පස් සංරක්ෂණ පනත නැවතත් සංශෝධනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්+ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ, මෙම සංශෝධනයේ අරමුණ වන්නේ භූමි හායනය පිළිබඳව මතුවී ඇති නව අභියෝග වලට මුහුණදීම සඳහා පනත යාවත්කාලීන කිරීම බවයි. පනතේ යෝජිත සංශෝධන පිළිබඳව ශ්‍රී ලංකාවේ භූමිය, පස සහ පරිසරය සම්බන්ධ සහ පාංශු හායනය වැලක්වීමට අදාල හවුල්කාරී ආයතනවල නිලධාරීන් ගේ හමුවක් අමතමින් ආචාර්+ය සිල්වා මේ බව ප්‍රකාශ කළේය.

පස් සංරක්ෂණ පනත අනුව එය ක්‍රියාත්මක කිරීමේ බලය කෘෂිකර්+ම අධ්‍යක්‍ෂ ජනරාල් වරයා වෙත පැවරී ඇත. එම බලය ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වරයා වෙත පවරා ඇති අතර පනත යටතට ගැනෙන පස හා භූමිය සම්බන්ධ සියලු නීති ක්‍රියාත්මක කිරීමත් තිරසාර භූමි කළමනාකරණය පිළිබඳ සියලු තාක්ෂණ ක්‍රමවේද සැකසීම සහ ප්‍රවර්ධනයත් එම මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබේ.

“ශ්‍රී ලංකාව මේ වනවිටත්  දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් වලට මුහුණ දෙමින් සිටී. දිගු නියඟයන් හෝ කෙටි කාලීනව ඇතිවන අධික වැසි සහ ඒ සමග එන ස්වභාවික විපත් වන ගංවතුර හා නායයාම් වැනි සිදුවීම් බහුලව වාර්තාවේ. එමෙන්ම ඉහල යන ජනගහනයත් නාගරීකරණයත් නිසා නිවාස ඉදිකිරීමට නුසුදුසු දැඩි දැඩි බෑවුම් සහිත ඉඩම්වල නිවාස සහ ජනාවාස ඉදිවෙමින් පවතී. මේ හේතුවෙන් පාංශු ඛාදනයටත් අනෙකුත් සියලු ආකාරයේ පාංශු හායනයන්ටත් ලක්වීමේ අවදානමක්  පවතී.” ආචාර්ය සිල්වා පැවසීය.

“මෙම රැස්වීම සඳහා සහභාගීවන ආයතන සියල්ලට භූමිය හා පස පිළිබඳ වගකීමක් හෝ කාර්යයක් පැවරී තිබේ. එම ආයතන වලට අදාල නීති සහ අණ පනත් වලින් ද  පාංශු හායනය වැලැක්වීමේ ප්‍රතිපාදන පවතී. එහෙත් තවදුරටත් නීතිවල දුර්වලතා සහ අඩුපාඩු පවතින බැවින් එම ගැටළු වලට විසඳුම් සෙවීම මෙම යෝජිත සංශෝධනවල අරමුණයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

පස් සංරක්ෂණ පනත මඟින් ආවරණය කරන භූගෝලීය ප්‍රදේශය පුළුල් කිරීම සංශෝධනයේ එක් අරමුණකි. පනත දැනට බලපැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාංශු හායනය පිළිබඳ ඉතා සංවේදී මධ්‍ය කඳුකරයේ නිශ්චිත කලාපයකට පමණි. එහෙත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලද පාංශු හායනය බරපතල ගැටළුවක් ලෙස මතුවී ඇති බැවින් නව සංශෝධන හරහා පනත බලපැවැත්වෙන ප්‍රදේශය වෙරළ සංරක්ෂණ පනත මඟින් ආවරණය කෙරෙන මුහුදුබඩ ප්‍රදේශ හැර මුළු දිවයිනම ආවරණය වන පරිදි පුළුල් කිරීමට යෝජනා කෙරේ. මෙමඟින් පාංශු හායනයට ලක්වීමේ අවදානමක් සහිත වියළි කලාපීය කෘෂිකාර්+මික ඉඩම්, මැදරට සහ පහතරට තේ වගාකරන ඉඩම් හා අනෙකුත් කෘෂිකාර්+මික නොවන සංවර්ධන කටයුතු සිදුවන භූමි ආවරණය කරනු ඇත.

පනතේ යෝජිත සංශෝධන යටතේ යෝජනා 14ක් ඉදිරිපත් කරයි. 60%ට අධික බෑවුමක් සහිත ඉඩම්වල වාර්+ෂික බෝග වගා කිරීම තහනම් කිරීම, කෘෂිකාර්+මික සහ කෘෂිකාර්+මික නොවන කටයුතු සඳහා භූමි සකස් කිරීමේදී සිදුවන පාංශු හායනය වැලැක්වීමේ නව නීති, මාර්+ගොපදේශන සහ නිර්+දේශ සකස් කිරීම, තේ, පොල් සහ රබර් නැවත වගා කිරීම, ගස් කපා හෙලීමේදී සිදුවන පාංශු හායනය වැලැක්වීම, තේ වගාවේ වල් මර් +ධනය, ගංගා සහ ඇල මාර් +ගවල ඉවුරු ඛාදනය, කුඹුරු වලින් පිටවන වෙල්පහු වතුර ගලායාම අවහිර කිරීම, වාරි ජලය සැපයීමේදී සිදුවන පාංශු ඛාදනය, පාංශු පරික්ෂාව සහ පොහොර නිර්+දේශ, විශාල සංවර්+ධන ව්‍යාපෘති සඳහා ජල විද්‍යාත්මක බලපෑම් ඇගයීම සහ ඇතිවන බලපෑම් අවම කිරීම, නිවාස සඳහා වෙන්දේසි කරන ඉඩම්වල භූමි සැකසීමේදී සිදුවන පාංශු ඛාදනය සහ පස් කැනීම් පිළිබඳව පනතේ මෙම යෝජිත නව සංශෝධන මඟින් ආවරණය කරයි.

පනතේ සංශෝධන සඳහා පැවති තුන්වන පාර්ශව කරුවන්ගේ රැස්වීම මෙය වන අතර මීට පෙර පෙර පැවති රැස්වීම් 2 දී සිදුකල සාකච්ඡා අනුව මෙම යෝජනා 14 සකස්කර ඇත. මෙහිදී ඉදිරිපත්වූ යෝජනා හා අදහස් අනුව යලි සකස් කෙරෙන මෙම යෝජනා මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

මෙහිදී සහභාගී වූ හවුල්කාරී ආයතන වල නියෝජිතයින් සඳහන් කලේ පාංශු හායනය පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීම හේතු ගණනාවක් නිසා ඉතා සංකීර්+ණ වන බවයි. භූමිය හා පස් පිළිබඳ කටයුතු කරන සහ විවිධ වගකීම් පැවරෙන ආයතන ගණනාවක් පවතින අතර එම ආයතනවල නීති යටතේද මෙම විෂය ආවරණය කෙරේ. එබැවින් ඇතැම්විට පවතින නීති ප්‍රමාණවත් වේ. එහෙත් ගැටළුව ඇත්තේ නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා බව ඔව්හු පෙන්වා දුන්හ. මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව පැහැදිලි කරන ලදී. පනත ක්‍රියාත්මක කිරීමේ ඇතැම් බලතල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත පැවරීමේ හැකියාව සහ විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්+මික නොවන හේතු නිසා වන පාංශු හායනය වැලැක්වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.