Bamboo cultivation for rehabilitation of degraded lands

ගංවතුර, නායයාම් වැළැක්වීම සහ හයනයට පත් භූමි ප්‍රතිස්ථාපනය සඳහා සාර්ථක විසඳුමක් ලෙස රටවල් ගණනාවක උණ වගාව හඳුන්වා දී ඇත. මේ පිළිබඳව ඉතා සාර්ථක අත්දැකීමක් කෙන්යාවෙන් වාර්තා වේ.

2018 මාර්තු සහ මැයි අතර කාලය තුළ  කෙන්යාවේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් 100ක් පමණ පිරිසක්  මියගොස් ලක්ෂ 3ක පමණ පිරිසක් අවතැන් වූහ. මෙම ගැටලුවට විසඳුම් ලෙස හඳුන්වා දී අති ව්‍යාපෘතියක් යටතේ දැන් කෙන්යාවේ ටානා නදියේ ඉහළ නිම්නයේ කුඩා පරිමාන ගොවීන් උණ වගාකිරීම සඳහා යොමුකර ඇත.

ලෝකයේ බොහෝ රටවල් මෙන්ම කෙන්යාව ද දේශගුණික විපර්යයාස වල ඍජු බලපෑමට ලක්වී ඇත. 2016 සිට මෝසම් වැසි නොලැබීම නිසා 2017  දී කෙන්යාව දැඩි නියගයකට හා අධික උෂ්ණ කාලගුණික තත්වයකට මුහුණ දුන් අතර ඉන්පසුව 2018 දී  අධික වැසි සහ ගංවතුර ඇතිවිය. රටේ වර්ෂා රටාව මුළුමනින්ම වෙනස්වී අති බවත් දිගු නියගයන්, අධික වැසි හෝ ගංවතුර වැනි ආන්තික දේශගුණික තත්වයන් ඇතිවන බවත් නයිරෝබි හි ලෝක කෘෂි වනාන්තර මධ්‍යස්ථානයේ පර්යයේෂණ විද්‍යාඥ වරියක වන කැතරින් මුතූරී පවසයි.

හායනයට පත් වූ භූමි පාංශු ඛාදනයට වඩාත් නිරාවරණය වන අතර වගා බිම්වල සරු බව අඩු වී අඩු අස්වැන්නටත් කුසගින්නටත් දිළිඳු බවටත් හේතු වේ. එමෙන්ම ගංවතුර නිසා රොන්මඩ  විශාල ප්‍රමානයක් ගංගා වලට ගසාගෙන යයි. 

කෙන්යාවේ ටානා ගංගා නිම්නයේ සුළු පරිමාන ගොවීන්සම්බන්ධ කෙරෙන  මෙම උණ වගා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ගංගා වලට රොන්මඩ ගලා යාම අඩු කිරීම, සෝදා පාලුවට ලක්වූ ගංගා ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීම සහ නායයාම් වලට නිරාවරණය වූ ප්‍රදේශවල භූමිය ස්ථාවාර කිරීමයි.

ජලය සහ පස සංරක්ෂණය

නයිරෝබි ජල අරමුදලේ නිලධාරීන් පවසන පරිදි ඉහළ  ටානා නිම්නය වර්+ග කිලෝමීටර් 17,000 ක පමණ භූමි ප්‍රදේශයකින් යුක්ත වන අතර එය කෙන්යාවට ආර්+ථික වශයෙන් ඉතා වැදගත් භූමියකි. ප්‍රදේශයේ මිලියන 5.3 ක් පමණ පිරිසක් ජීවත් වන අතර එහි ජලය රටේ ජල විදුලි නිෂ්පාදනයෙන් අඩකට දායක වේ.  නයිරෝබි නගරයේ ජල සැපයුමෙන් 95% ක් සැපයෙන්නේ මෙම ප්‍රදේශයෙනි. උණ ශාකයේ මූල පද්ධතියට පසේ ජලය රඳවා ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම පස් අංශු බැඳ තබා ගැනීමටත් රොන්මඩ පෙරා දීමටත් හැකියාවක් අති බැවින් එය ගඟට රොන්මඩ ගලායාම අඩුකිරීමට හේතු වේ.

එමෙන්ම උණ ශාකවල සෙවන මගින් පස් ආවරණය කර ජලය වාෂ්පීකරණය අඩු කරන් බැවින් හායනයට පත්වූ විශාල ප්‍රදේශයක් වේගයෙන් පුනරුත්ථාපානය කළ හැක. විවිධ උණ වර්+ග වල විවිධ ලක්ෂණ පැවතිය  ද උණ ශාකයේ පොදු වැදගත්කම වන්නේ එය වේගයෙන් වර්ධනය වීමයි. එයට වසර 4කින් පමණ පසට ආවරණයක් ලබා දීමට හැකි අතර අනෙකුත් ශාක වලට ඒ සඳහා වසර 15-30  ක පමණ කාලයක් ගතවේ.

උණ සහ වේවැල් පිලිබඳ ජාත්‍යන්තර ජාලය (The International Network for Bamboo and Rattan) පෙන්වා දෙන පරිදි උණ දේශගුණික විපර්යාසවල බලපෑමට ප්‍රායෝගික විසඳුම් රැසක් ලබා දිය හැකි ප්‍රධාන සම්පතක් මෙන්ම එම බලපෑම් හේතුවෙන් පීඩා විඳින මිලියන ගණනක් ග්‍රාමීය ජනතාවට සහන සැලසිය හැකි ශාකයකි.  මෙම සංවිධානය මගින් හායනයට පත් භූමි ප්‍රතිසංස්කරණය සඳහා උණ වගාව යොදාගැනීම පිලිබඳ අධ්‍යයනයන් රැසක් සිදුකර ඇත. එහිදී චීනය, කාම්බෝජය, ඝානා, ඉන්දියාව, නේපාලය, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව සහ තායිලන්තය වැනි රටවල අත්දැකීම් බෙදා ගැනීමට කටයුතු කර ඇත.

 

උණ - දැවමය තෘණ විශේෂයකි

 

විවිධ උණ විශේෂ 1,400 ක් පමණ පවතින අතර අප්‍රිකාවේ ප්‍රධාන භූමියේ විශේෂ 3  ක් හා මැඩගස්කර දිවයිනේ විශේෂ 11ක් පවතී.  උණ ශාකය ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වසර සිය ගණනක සිට හඳුනාගෙන ඇති ශාකයකි.

ආශ්චර්යමත් තෘණ (the wonder grass) ලෙස හඳුන්වන මෙම ශාකය තෘණ විශේෂයක් වන අතර එය විවිධ පාරිසරික පද්ධති තුළ වැවේ. ශාකය වසරක දී අඩි 3-5 ක පමණ උසට වර්ධනය වේ. මිලිමීටර් 1 සිට සෙන්ටිමීටර් 30  පමණ දක්වා විශාල කදක් සහිත විශේෂ දක්වා වූ විවිධ ප්‍රභේධ පවතින අතර එය දැවමය තෘණ විශේෂයක් ලෙස හඳුන්වන්නේ එබැවිනි. උණ ගස් කපා ගත් පසුව  මුල්වලින් නව අංකුර මතුවන අතර ඒවා වසර 4-5 ක කාලයක් තුළ යලිත් කැපිය හැකි මට්ටමට මෝරා වැඩේ.

 

උණ පාරිසරික වශයෙන් වැදගත් විශාල කාර්යභාරයක් සිදුකරයි. එහි සංකීර්ණ මූල මණ්ඩලය  ජල  පෙරනයක් ලෙස ක්‍රියා කරන අතර පෝෂ්‍ය පධාර්ථ සහ බැර ලෝහ වැනි විෂ, අහාර දාමයට පිවිසීමට පෙර පෙරා ඉවත් කරයි. එමෙන්ම උණ ශාකය අනෙකුත් දැඩි කඳන් සහිත ශාකවලට වඩා වේගයෙන් වර්ධනය වන බවින් කාබන්  ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු අවශෝෂණයටත් කාන්තාරකරණය සහ ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීමටත් වැදගත් වේ.

කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උණුසුම ඉහළයාමට බලපාන ප්‍රධාන හරිතාගාර වායුවක් වන අතර 2015  දී ඇතිකරගත් පැරිස් සම්මුතියෙන් ගෝලීය උශ්නත්වය අඩුකිරීමට වනාන්තර වල ඇති වැදගත්කම අවධාරණය කළ අතර ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මීකරණ අවදියේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 2ක් ඉහළ මට්ටමක් දක්වා අඩුකිරීමට රටවල් එකඟ  විය.

ගොවීන්ට ප්‍රතිලාභ

විපර්යාස වලට මුහුණ දීම සඳහා උණ ඉතා වැදගත් ශාකයක් වන නමුත් එය අනෙකුත් භෝග සමග සම්බන්ධ කිරීම අවශ්‍ය වේ. කැලෑ හෙලිකිරීම නිසා හායනයට පත් භූමි ප්‍රතිසංස්කරණයට සුදුසු ආකර්ශනීය ශාකයකි. උණ විශේෂ විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එක් එක් දේශගුණික තත්වයන්ට ගැලපෙන ප්‍රභේද සොයාගැනීමේ හැකියාව ඇත. එහෙත් එය එකම විසඳුම නොවේ. උණ ශාකය ස්ථාවර වීමට කාලයක් ගතවන නමුත් එය ස්ථාවර වූ පසුව වේගයෙන් වර්ධනය වේ.

උණ වගාව ගංගා ඉවුරුවල සහ ගොවිබිම්වල මායිම් වලට අවරෝධක ශාකයක් ලෙස යෝග්‍ය වන නමුත් ගොවීන්ට ඉන් ආර්ථික ප්‍රතිලාභ අත් නොවේනම් එය ගොවීන් අතරට ආකර්ශනීය නොවේ.  

ඉහළ ටානා නිම්නයේ සුළු පරිමාන ගොවීන් උණ පැල 65,000 ක් පමණ 2018 වසරේ දී වගාකර ඇත. නයිරෝබී ජල පදනම උණ වගාව සඳහාත්  උණ ශාකය ආශ්‍රිතව විවිධ නිෂ්පාදන කිරීම හා ඒවා අලෙවි කිරීම සඳහාත් ගොවීන්ට පුහුණුව සහ වෙළෙඳපොළ සබඳතා ලබාදේ.

උණ දැව ආශ්‍රිතව දර, අඟුරු, සත්ව ආහාර, නිවාස සහ වැටවල් ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, කඩදාසි, රසායන ද්‍රව්‍ය, වැනි විවිධ නිෂ්පාදන 2000ක් පමණ නිපදවීම සඳහා යොදා ගනී. චීනය මෙම කර්+මාන්තයේ නියැලෙන ප්‍රධාන රටක් වන අතර චීනයේ උණ ආශ්‍රිත නිෂ්පාදන 10,000 ක් පමණ සිදුකරන අතර මිලියන 8 ක් පමණ රැකියා උත්පාදනය කරයි. 2016 වසරේ ලෝකයේ උණ ආශ්‍රිත නිෂ්පාදනවල මුළු වටිනාකම ඩොලර් බිලියන 60 ක් පමණ වන අතර ඒවා ඩොලර් බිලියන 2.5 ක ජාත්‍යන්තර වෙළෙඳාමකට දායක වේ.

Category: